30 C
Colombo
Sunday, October 6, 2024

ජනපති අපේක්ෂකයින් 34ක් තාමත් ප්‍රචාරක වියදම් වාර්තා දීලා නැහැ

- Advertisement -

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, 38 ක් වන අතර, ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ, අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් වනවා.

ඒ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ හා කේ.ආනන්ද කුලරත්න යන අයයි.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු වනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

13 වැනිදාට පසු වාර්තා ලබා දුන්න ද, එය නීතිවිරෝධී ක්‍රියා යටතේ ගෙන දඬුවම් ලබාදෙන බවද කොමිසම සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මාදු ගඟේ බෝට්ටු පදින්න ආපු පිරිසකට පහර දීලා

කුරුණෑගල ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයන් පිරිසක් බලපිටියේ මාදුගඟේ බොට්ටු සංචාරය කරන ආයතනයක් හරහා සංචාරය පිළියෙල කර තිබෙනවා. සංචාරය සඳහා සූදානම් වූ විට ඔවුන්ට ලබාදුන් ආරක්ෂිත...

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....