ගෑස් හිඟය හේතුවෙන් රට පුරා පුධෘන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි 12,000 ක් පමණ වැසී ගොස් ඇති බවට වාර්තා වනවා.
මේ හේතුවෙන් එම ස්ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් මෙන්ම ඒවායේ සේවය කළ සේවකයන් හා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.
මේ අතර බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ගෑස් නොමැතිවීම හේතුවෙන් රට පුරා ඇති බේකරි 7000 න් බේකරි 3500 ක් පමණ වැසීගොස් ඇති බවයි.
ගෑස් ගැටළුවට ඉදිරියේදීත් විසදුම් නොලැබුණහොත් ඉතිරි බේකරි සංඛ්‍යාවද ඉක්මනින් වැසී යන තත්ත්වයකට පත්වනු ඇති බවට එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කරනවා.
ගෑස් ගැටළුවට අමතරව පිටි මිල ඉහළයෑම, පිටි හිඟය, පාම් ඔයිල් තහනම සහ බේකරි නිෂ්පාදන මිල ඉහළයෑම නිසා ඉල්ලුම අඩුවීම වැනි කරුණුද බේකරි වැසීයෑමට හේතුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.