26.9 C
Colombo
Friday, March 14, 2025

ඩෙංගු රෝගීන් 38,088ක්

- Advertisement -

මේ වසරේ ජනවාරි සිට ඊයේ (16) දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 38,088ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9451ක් වාර්තා වී තිබෙන බවයි පෙන්වා දන්නේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4381ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2097ක් වශයෙන් වාර්තා වනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 15,929ක් වාර්තා වී තිබෙන අතර එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 41.8%ක් බවයි සඳහන් වන්නේ.

උතුරු පළාතෙන් රෝගීන් 4738ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 3,895ක් වාර්තා වන බව පැවසෙනවා.

වයඹ පළාතෙන් රෝගීන් 2521ක් හා දකුණු පළාතෙන් රෝගීන් 2834ක් වාර්තා වී තිබෙන අතර සබරගමුව පළාතෙන් රෝගීන් 3875ක් වාර්තා වී තිබෙනවා.

මේ මාසයේ ගෙවුණු දින කිහිපයේදී රෝගීන් 1,446ක්ද පසුගිය මාසයෙහිදී රෝගීන් 3,897ක්ද වාර්තා වු බව ස්‍යෙඛ්‍ය අංශ පවසනවා.

මේ අතර 2024 වසරේ ගෙවී ගිය කාලයට ඩෙංගු රෝගය වැලඳීම නිසා පුද්ගල මරණ 17ක් සිදුව තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.