25.7 C
Colombo
Monday, March 31, 2025

අස්වැසුම ප්‍රතිලාභීන් 39,000කට තවම බැංකු ගිණුමක් නැහැ

- Advertisement -

අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට පෙබරවාරි මාසයේදී විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

මේ අතර, තවම බැංකු ගිණුමක් විවෘත නොකළ 39,855ක් සිටින බවද එම මණ්ඩලය පවසනවා.

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ‘මව්බිම පුවත්පත’ කළ විමසීමකට පිළිතුරු වශයෙන් ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව පවසා තිබුණා.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් විරෝධ සහ අභියාචනා සඳහා පිළිතුරු අපේක්ෂාවෙන් සිටිය ද ඒවා නොලැබීම හේතුවෙන් 3,768ක්, එකම ජාතික හැඳුනුම්පත් අංකය අයැදුම්කරුවන් දෙදෙනෙක් සඳහන් කර තිබීමේ අවස්ථා 1,381ක්, එක ම නම තිබෙන සාමාජිකයා පවුල් දෙකක පෙන්නුම් කිරීම් 11,828ක්, එක ම බැංකු ගිණුම් අංකය ප්‍රතිලාභීන් දෙදෙනෙක් යටතේ පෙන්නුම් කිරීම 427ක්, අස්වැසුම ප්‍රතිලාභ අයැදුම් පවතින බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

මේ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දී ඇති ජාතික හැඳුනුම්පත් අංකය සහ අස්වැසුම බැංකු ගිණුම් අංකයේ ඇති ජාතික හැඳුනුම්පත් අංකය සමග නොගැළපීම් 1381ක්, අස්වැසුම අයැදුම්පත ඉදිරිපත් කරන මොහොතේ සහ සංගණන අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව නිවැරැදි නොවීම ප්‍රතිලාභීන් 13ක් ලෙස පෙබරවාරි මාසයේදී ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටි බව එම මණ්ඩලය පවසනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් 2025 පෙබරවාරි වනවිට 1,792,626ක් (දාහත් ලක්ෂ අනූ දෙදහස් හයසිය විසිහයක්) සිටි බවත් පෙබරවාරි මාසයේදී ප්‍රතිලාභ ලබාගෙන තිබෙන්නේ 1,733,973ක් (දාහත් ලක්ෂ තිස්තුන් දහස් නවසිය හැත්තෑ තුනක්) බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...