අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කළ බවයි වාර්තා වෙන්නේ.
ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (02) දහවල් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
විරෝධතාවය අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබූ අතර එහිදි කලහාකාරී ලෙස හැසිරුනු විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එම සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදුවුණා.