කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වනවා.
මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසුවා.
ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබෙනවා.
පුපුරා නොගිය ලීටර් 6,000ක් අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දමා ඇති එයින් සිදුවීමට ගිය හානිය තරමක් අවම වූ බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.