26 C
Colombo
Friday, October 18, 2024

දේශබන්දුට එරෙහිව තවත් පෙත්සම් 4ක්

- Advertisement -

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබෙනවා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු, සහ අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් මහතා සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

එමෙන්ම පසුගිය අරගල සමයේ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ද දේශබන්දු තෙන්නකොන් මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව කටයුතු සමයේ බව මෙම පෙත්සම්වල සඳහන් තවත් කරුණක්.

ඒ අනුව,  රටේ නීතිය ක්‍රියාත්මක කරන රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වගකීම ලබාදිය යුත්තේ, මානුෂිය ගුණාංග වලින් හෙබි අයෙකුට බවත් ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වගකීම් පැවරීම සිය මුලික අයිතීන් උල්ලංඝනය කිරිමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල වැඩිදුරටත් දක්වා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...