කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන්.
එහිදී මෙම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.
ඩුබායි, චීනය, ඉන්දියාව සහ තුර්කියේ සිට පැමිණි ගුවන් යානා මෙලෙස හරවා යැවීමට පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත්, අද උදෑසන 07.00 පමණ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම් තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර, ඉන්පසුව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි සියලුම ගුවන් යානා සාමාන්‍ය පරිදි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබෙනවා.