සීනි තොග සගවා තැබූ ගබඩා 4ක් වටලා මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.
මෙහිදී සීනි මෙට්‍රික් ටොන් 5,400ක් හමුවූ බවයි වාර්තා වන්නේ.
මෙවැනි වංචාකාරී වෙළදුන්ගෙන් අය කෙරෙන දඩ මුදලට අමතරව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර සිර දඩුවම් නියම කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද දින නීතිපතිවරයා හමුව තිබෙනවා.
මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 50,000ක් වනවා. මේ වන විට වෙළඳපොලේ සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 220ක් වැනි මිලකටයි. කෙසේ වෙතත් පවතින සීනි හිඟය හමුවේ වරායේ ගුදම් වල නිදහස් නොකල සීනි තොග සතොස හරහා නිදහස් කිරීමට සූදානම් බව රජය ප්‍රකාශ කරනවා.