කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යයාංශයට අද භාර වුණා.
එම ගැටුමෙන් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහර කෑමට ලක්ව තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
එම ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් පොලිසිය ප්‍රකාශය ලබා ගත්තා.
පසුගිය 22 වැනිදා අළුයම යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ඇතුළු මෙම පිරිස සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී, හඳුනා ගැනීමේ අත්පළඳනා පැළඳගන්නා ලෙස සමාජ ශාලා ආරක්ෂකයින් පවසා තිබුණා.
පොලීසිය සඳහන් කළේ, මෙහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවූ බවයි.