26 C
Colombo
Friday, October 25, 2024

පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 4000ක් උස්වැටකෙයියාවෙන්

- Advertisement -

පරිභෝජනයට නුසුදුසු පරිදි වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 කට ආසන්න තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් සොයා ගෙන තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය සිදුකළ පරීක්ෂණයකදී.

ඊයේ(15) අදාළ කර්මාන්තශාලාව වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ලගා වන විටත් කිසිදු වර්ණකයක් යෙදීමෙන් තොරව වෙළදපොලට නිකුත් කළ යුතු ආනයනික පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු වර්ණකාරක යොදා ප්‍රතිනිෂ්පාදනය කරන ආකාරය දක්නට ලැබුණා.

වර්ණ ගැන්වූ පරිප්පු තොගය අදාළ කර්මාන්තශාලාවේ ගබඩාවකට දමා එය මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් පියවර ගත්තා.

එහි සාම්පල රස පරීක්ෂක වෙත යොමුකර එහි වාර්තාව ලැබුණු පසු එම කර්මාන්තශාලාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ද නියමිතයි.

ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රෙගුලාසි අනුව ආනයනික පරිප්පු කිසිදු ලෙසකින් වර්ණ ගන්වා වෙළඳපොලට නිකුත් කළ නොහැකි බව සඳහන්‍.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...