25.8 C
Colombo
Friday, November 29, 2024

42ක් රෝහලේ – තිදෙනෙකුගේ තත්ත්වය බරපතළයි..!

- Advertisement -

විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටින්නේ.

තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් ද වන අතර, කාන්තාවන් තිදෙනෙකු ද වනවා. එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර, විරෝධතාකරුවන් තවදුරටත් ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටිමින් සිය විරෝධය පළ කරනවා.

එසේම, පක්ෂ නායක රැස්වීමක් අද (09) පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා කර ඇති ඉල්ලීම ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ද කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබය කැඩෙන ලකුණු

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. අරාබි...

නාවලපිටියේ පස් කන්දක් කඩාවැටී ගමනාගමනයට බාධා

නාවලපිටිය - දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව නාවලපිටිය පොලීසිය...

POPULAR ARTICLES

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබය කැඩෙන ලකුණු

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත්...

මෙරට බෝට්ටු දෙකක් ඉන්දීය නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා ධජ සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමග පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. අරාබි...

ලොව ප්‍රථම වරට ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ඕස්ට්‍රේලියාවෙන් නීතියක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පනවමින් ඕස්ට්‍රේලියාව නව නීතියක් සම්මත කර තිබෙනවා. ළමුන් සඳහා සමාජ මාධ්‍ය පරිශීලනය සීමා කිරීමට එක් එක රජයන්...