26.4 C
Colombo
Friday, March 14, 2025

ජනතාවගෙන් 43%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 43%ක ප්‍රමාණයක් මේ වන අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරිම තම පළමු අරමුණ බවත් ඉන් අනතුරුව රෝගීන් අඩු කිරිමත් තෙවැනුව රෝහල් කළමනාකරණය කිරීමත් අරමුණුකරගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

ඔහු මේ අදහස් පලකර සිටියේ ඊයේ (19) පස්වරුවේ කොඩි පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්.

මේ වන විට ඇතැම් රෝහල්වල ධාරිතාව ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති නමුත් මේ වන විටත් බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් කළමනාකරණය කිරීම වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

යුද හමුදාපතිවරයාට අනුව,

  • මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති විවිධ වර්ගයට අයත් එන්නත් මාත්‍රා ගණන මිලයන 19.7ක්.
  • එයින් එන්නත් මාත්‍රා මිලියන 14.97ක් ලබාදි අවසන්.
  • මෙරට ජනතාවගෙන් සියයට 43ක් මේ වන අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්.
  • අගෝස්තු 13 දා වාර්තා වූ මරණ 160න් කිසිවෙකුත් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැත.
  • මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 19000ක් හා ඇන්ටිජන් පරීක්ෂණ 25000ක් සිදුකර අවසන්.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...