29 C
Colombo
Friday, January 24, 2025

මහින්දගේ විජේරාම ගෙදර අලුත්වැඩියාවට ලක්ෂ 430ක්

- Advertisement -

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් පසුගිය වසර කිහිපයේ රුපියල් ලක්‍ෂ 430ක් ඉක්ම වූ මුදලක් රජය වියදම් දරා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ කටයුතු සාධාරණීකරණය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්දිරය බේරා ගැනීමේ සංසදය නමින් සංසදයක් ද විපක්‍ෂයේ පක්‍ෂ නිර්මාණය කර ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ,

කොළඹ විජේරාම මාවතේ කොළඹ 7 අක්කර 1යි පර්චස් 13.8ක ඉඩමේ වර්තමාන වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 3128.4යි. මේ ගෙදර වර්ග අඩි 30,534ක් තිබෙනවා. මේ ජෝඩුවට ඉන්න මේ වගේ මන්දිරයක් වෙන්කරලා තිබෙනවා. ඒ මන්දිරයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 229යි. ඉඩමේත් මන්දිරයේත් රජයේ තක්සේරුකරුවන්ගේ තක්සේරුව රුපියල් මිලියන 3357.4යි. මේ මන්දිරයේ මාසික කුලිය තක්සේරුව ලක්‍ෂ 46ක්. මේ ගෙදර බේරාගන්න විපක්‍ෂය භේදයක් නැතිව ඉදිරිපත් වෙලා.

මේ ගෙවල් නඩත්තු කරන්න කරන වියදම් මෙසේ ය.

2020, 2021, 2022, 2023 කියන අවුරුදුවල විස්තර.

හේමා ප්‍රේමදාස වෙනුවෙන් 2020, 2021 අවුරුදුවල රුපියල් අටලක්‍ෂ තිස්හත් දහස් දෙසිය හැටපහක් වියදම් කළා. ඒ ගෙදර බලාගන්න. ඒ වගේ ම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිට මේ වසර කිහිපය තුළ රුපියල් දහනව ලක්‍ෂ තිස්තුන් දහස් නවසිය අසූවක් වියදම් කරලා තිබෙනවා ඒ නඩත්තු වෙනුවෙන්. ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් වියදම් කරලා තිබෙන්නේ 16,724යි. මහින්ද රාජපක්‍ෂ ජීවත්වන ගෙදරට 2020 නඩත්තුවට තිස්තුන් ලක්‍ෂ අසූදෙදහස් අටසිය අනූ දෙකයි. 2022 තුන්ලක්‍ෂ අනූපන්දාහයි. 2023 මේ ගෙදර අලුත්වැඩියාවට මිලියන 18.336යි. ඒ කියන්නේ ලක්‍ෂ 183යි. නිල නිවසට එස්කැවේටර්යක් හයි කරන්න ලක්‍ෂ 150යි.

ජෙනරේටරයක් මිල දී ගන්නට හතළිස් අට ලක්‍ෂ අසූපන්දහස් අටසිය හතළිස් තුනයි. 2023 අවුරුද්දේ විතරක් මහින්ද රාජක්‍ෂ මහතා පදිංචි ගෙදරට අලුත්වැඩියා කටයුතුවලට ලක්‍ෂ 383ක් වියදම් කරලා තිබෙනවා. 2024 සමස්තයක් ලෙස ඔහු වෙනුවෙන් නවලක්‍ෂ හතළිස් දහසක් වියදම් කරලා තිබෙනවා. පසුගිය වසර කිහිපයේ හාරසිය තිස් ලක්‍ෂ තිස්නවදහස් නවසිය හැට නවයක් වියදම් වෙලා.

මේ ගෙදරට පමණක් මේ රටේ ජනතාව මේ බර දැරිය යුතුද? ඒකයි අපට තිබෙන ප්‍රශ්නය. මේවා වෙනුවෙන් පෙනී ඉන්න අයට ලැජ්ජාවකුත් නැහැ. මේවායේ ඉන්න අයට ලැජ්ජාවකුත් නැහැ. ලැජ්ජාව තියාගෙන යන්නයි තියෙන්නේ. අපි අනිවාර්යයෙන් ම මේ සංස්කෘතිය වෙනස් කරනවා.

RECENT ARTICLES - SINHALA

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය...

POPULAR ARTICLES

T20 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරඟ මෙන්න

මැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය...

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...