30 C
Colombo
Thursday, September 19, 2024

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

- Advertisement -

ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති බවට තොරතුරක් වාර්තා වී තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ මෙම කරුණු හෙළිකර ඇති අතර එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයාට අදාළ වර්ණයෙන් යුත් ඇඳුමින් සැරසී ඔවුන්ගේ ප්‍රචාරණයට අදාළ කොඩි ආදියද රැඟෙන පැය තුනක කාලයක් සඳහා අදාළ රැළියට සහභාගී කරවන පුද්ගලයින් 3000ක් වෙනුවෙන් මෙම පැකේජය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැකේජයට කොළඹ දිස්ත්‍රික්කය සඳහා වන ප්‍රවාහන වියදමද ඇතුලත්.

මෙහිදී දළ වශයෙන් එක පුද්ගලයෙකු සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් 1500/= ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන්නේ නම් සමස්ත පැකේජය සඳහා අමතර ප්‍රවාහන දීමනාවක් ගෙවීමටද සේවාලාභීන්ට සිදුවන බවද සඳහන්.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නිලධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවලා

දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද...

කොහුවල ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු...

කොට්ඨාස මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගැන තීරණයක්

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...