26.9 C
Colombo
Friday, March 14, 2025

දිවයින පුරා ප්‍රධාන ජලාශ 46ක් තවදුරටත් වාන් දමයි

- Advertisement -

දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතරින් අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9න් 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 7ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 5ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4න් 2ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 3ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2න් එක් ජලාශයක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ තුනම ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 5ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5න් 2ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් එක් ජලාශයක් ද වශයෙන් මුළු ජලාශ 46ක් තවදුරටත් වාන් දමමින් බවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව මධ්‍ය පරිමාණ ජලාශ 40කට ආසන්න ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව පැවසූ එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ගබඩා කළ හැකි මුළු ජල ධාරිතාවෙන් 92%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගබඩා කරගත හැකිව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...