31 C
Colombo
Wednesday, April 23, 2025

රාජ්‍ය සේවක වැටුපෙන් 48% ක් ආරක්ෂක අංශවල පඩිනඩිවලට

- Advertisement -

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.% වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69491ක්.මේ අනුව එම මුදලින් රුපියල් කෝටි 33940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙනවා.

මේ විමර්ශනය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහත්වරුන් විසින්.

රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක්( හතරෙන් එකක්) පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණයවී යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11800 ක්.

ඊට පසුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කෝටි 5930ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා කෝටි 4274ක්ද වැයවන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් ඝාතනය: පිය පුතු දෙපළක් ගැන සැකයක්

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියදාස්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්වී ඇතැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක්...

පාස්කු ප්‍රහාරයේ විමර්ශන: ශානි අබේසේකරත් කමිටුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර...

ඇමතිවරුන්ට දෙන වාහන ගණන දෙකකට සීමා කරයි

අමාත්‍යවරුන්ට රජයෙන් ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව...

POPULAR ARTICLES