27 C
Colombo
Tuesday, April 15, 2025

කොට උඩ ගිය ජල ව්‍යාපෘතිවලින් ලක්ෂ 59ක පාඩුවක්

- Advertisement -

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා වැයකළ රුපියල් 5,938,746ක නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම ජල ව්‍යාපෘති 2013 වර්ෂයේ දි ආරම්භකොට තිබූ අතර, අඹන්පොල ජල ව්‍යාපෘතියේ ඉතිරිවැඩ නිම කිරිම සදහා 2020 වර්ෂයේ දි රුපියල් 1,979,418ක මුදලක් වැයකොට තිබුණා.

කටුපොත යුනිට් 03 ජලයෝජනා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිමකිරිම සදහා වැයකොට ඇති මුදල 3,959,328 ක්.

එහෙත්, ජල මුලාශ්‍රයේ සිට ටැංකිය දක්වා ජලනල එලීම සම්පුර්ණ කර නොතිබිම, ජල ටැංකියේ සිට පාරිභෝගිකයින් දක්වා ජලය ගෙනයාම සදහා නල පද්ධතියක් සකස්කර නොතිබිම, විදුලිය ලබා නොගැනිම යන කරුණු හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

ව්‍යාපෘති ඵලදයි ලෙස අරමුණ ඉටුවන ආකාරයට හා අපේක්ෂිත ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයට ක්‍රියාත්මක කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES