26 C
Colombo
Sunday, January 19, 2025

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

- Advertisement -

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක් ඇතුළු 5 දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

කොල්ලකෑ බව කියන රුපියල් කෝටියක් පමණ වටිනා රන් ආභරණ හා දේපළ තොගයක්ද වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වි ඇත්තේ, මතුගම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තාවතාලිකව පදිංචි වි සිටි 36 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 33 හැවිරිදි සැමියා හා කාන්තාවගේ සොහොයුරන් දෙදෙනකු හා මිතුරකු බව පොලිසිය සදහන් කරනවා.

මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් නිවාඩු නිකේතනවල දින කිපයක් රැදි සිටමින් ඒ අවට නිවාසවලට දිවා රාත්‍රි කාළවලදි කඩා වැදි කොල්ලකෑම් සිදුකර පලා ගොස් ඇති බවට හෙළිවි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දෙහිවල මනුෂ්‍ය ඝාතනයේ තවත් තොරතුරු

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

කලා ඔය පිටාර ගැලීමෙන් විල්පත්තු මාර්ගය වසා දැමේ

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද (19) සිට වසා...

ගල්කිස්සේ වෙඩි තැබීමක්

UPDATE 1.45 P.M ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේදී අද (19) දහවල් සිදුවූ වෙඩි තැබීමේන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බඩේවිට දෙවන...

POPULAR ARTICLES

දෙහිවල මනුෂ්‍ය ඝාතනයේ තවත් තොරතුරු

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

කලා ඔය පිටාර ගැලීමෙන් විල්පත්තු මාර්ගය වසා දැමේ

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද (19) සිට වසා...

එන්න පොළේ යන්න

විශාල ‌සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟින් ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත ආරම්භ කරනු ලැබුවා. ජනවාරි 05 දා සවස No Names...