27 C
Colombo
Friday, October 18, 2024

පාසලේදී ලබා දුන් HPV එන්නතින් පසු සිසුවියන් 5ක් රෝහලට

- Advertisement -

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසනවා.

අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙක් මෙසේ රෝහල්ගත කර තිබෙනවා.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ හත් වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබුණා.

එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට  ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, අඟුරුවාතොට පොලිසිය විසින් ඊට අදාළ විමර්ශන සිදු කිරීමට නියමිතයි

RECENT ARTICLES - SINHALA

ජාවාරමක් ගැන අනතුරු ඇගවීමක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. රුපියල් 50,000ක මුදලක්...

භාණ්ඩ 05ක බද්ද ගැන මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පරිප්පු ඇතුළු භාණ්ඩ 05ක් සඳහා ඊයේ (18) දිනයේ අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස ඊයේ සිදුකළේ බදු...

සජබ ලොක්කෙක් අනුරගේ කතා අහන්න වේදිකාව ළඟටම ගිහිල්ලා

0
සමගි ජනබලවේගය පක්ෂය තුළ නිර්මාණය වී ඇති අභ්‍යන්තර දේශපාලන අවුල තව දුරටත් වර්ධනය කරමින් හිටපු සංවිධායකවරයෙකු එම පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්...

POPULAR ARTICLES

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...