24.5 C
Colombo
Monday, November 25, 2024

නිවාස භාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදෙස් ගතවෙලා?

- Advertisement -

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තා වන බව ‘ලංකාදීප’ සදහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරු 80 දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇති අතර, තව භාර දීමට ඇත්තේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස පමණක් බවද වාර්තා වනවා.

වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ මන්ත්‍රීවරුන්ට යළි සිහිකැඳවීමක් කර තිබෙනවා.

නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස භාරදීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත වන අතර, නවක මන්ත්‍රීවරු 40 දෙනකු පමණ නිවාස ඉල්ලීම් කර ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය ගොල්ෆ් පිටියේ ඉපැරණි රූස්ස ගස් විනාශ කිරීම ගැන පොලිස් විමර්ශන

නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු රුස්ස ගස් පනහක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා ගස් විනාශ...

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය...

නිධන් හොයන්න ගිය 5ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වනාතවිල්ලුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES