27 C
Colombo
Wednesday, October 23, 2024

ඉන්දියාවේ නිවසක සිදුවූ පිපිරීමකින් 5දෙනෙකු මරුට

- Advertisement -

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ බුලන්ඩිෂාර් දිස්ත්‍රික්කයේ නිවසක සිලින්ඩරයක් පිපිරී යාමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එහිදී තවත් පුද්ගලයින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

අදාළ පිපිරීම වන අවස්ථාවේ එම නිවස තුළ පුද්ගලයින් 19 දෙනෙකු පමණ සිට ඇති අතර මියගිය පුද්ගලයින් අතර ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවක් ද වන බව සඳහන් වනවා.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.

මීට මාසයකට පමණ පෙර ද බුලන්ඩිෂාර් දිස්ත්‍රික්කයේ රතිඤ්ඥා කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.

RECENT ARTICLES - SINHALA

Onmax DT ගැන අධිකරණයෙන් නියෝගයක්

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන Onmax DT  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට...

සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව සහතිකයි – ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

එළඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනා කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම නිවේදනයේ...

ආරුගම්බේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ, මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...