වනාතවිල්ලුව – රාල්මඩුව ප්රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වනාතවිල්ලුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාල් මඩුව ඉඩමේ හිමිකරු හා අදාල නිධන් කැනීමට එක්වු වනාතවිල්ලුව, සේරක්කුලිය, ජා ඇල හා පුත්තලම කරඹ ප්රදේශවල පදිංචි අවුරුදු 19, 26, 40, 56 යන වයස් සිමාවල පිරිස් බව වැටලිම සිදුකල වනාතවිල්ලුව පොලිසිය පවසනවා.
පොලිසිය සදහන් කළේ, වනාතවිල්ලුව පෙලිස් නිලධාරින්ට ලැබුණ තොරතුරක් මත අදාළ රාල්මඩුව අදාල ස්ථානය වටලා සිදුකල මෙහෙයුමේදි නිදන් සොයා කැණීම් කරමින් සිටි නිවෙස්හිමියා ඇතුළු පිරිස සමග කැණීම් සදහා යොදා ගත් උපකරණ හා අදාළ ස්ථානයෙ ජලය ඉසිමට යොදා ගත් ජල මෝටර් ඇතුළු දෑ අත්අඩංගුවට ගැනිමට හැකිවු බවයි.