24.6 C
Colombo
Tuesday, January 7, 2025

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

- Advertisement -

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන 500ක එන්තරවාසියක් යොමු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා මහතා පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.

හිතාමතා, සැලසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේශසගහගත ප්‍රචාරයන් සම්බන්ධයෙන් මෙලෙස වන්දි ඉල්ලා සභාපතිවරයා විසින් නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර තිබෙනවා.

මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් මස 24 වැනි දින නීතිඥ සම්පත් යාලේවත්ත මඟින් යවා ඇති බවද සඳහන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වගකීම් දැරීම සම්බන්ධයෙන් පසුගිය 2024 දෙසැම්බර්මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත විසින් අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදුකර ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී. ජේ රාජකරුණා තම නීතිඥයන් මඟින් අවධාරණය කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මීට පෙර සිටි සභාපති ලබා ගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබා ගන්නා බව සහ එම සංස්ථාව යටතේ ම අධ්‍යක්‍ෂ මණ්ඩල දීමනා දෙකක් ලබා ගන්නා බව මෙන්ම ඉතා නාස්තිකාර ආකාරයෙන් මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශ ආනන්ද පාලිත සිදුකර ඇතැයි එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.

එන්තරවාසියේ දක්වා තිබෙන්නේ දෙසැම්බර් මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත මහතා විසින් සිදු කළ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශනවල දී ප්‍රචාරයකර තිබූ බවත් ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය පුවත් පත්වල ද වාර්තාකර තිබු බවයි.

තවද එම වාර්තා නැවත රූපවාහිනී නාළිකාවල පුවත්පත් කියැවීමේ වැඩසටහන්වල දී ද ප්‍රචාරය කරන ලද බවත්, සමාජ මාධ්‍ය ජාලා විසින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කර ඇති බවත් එන්තරවාසිය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම මඟින් තමන්ගේ කීර්ති නාමයට හානිවීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට, ලැජ්ජාවට සහ සමච්චලයට ලක් කිරීම ඇතුළු සිදුකරන ලද හානි සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙස සභාපතිවරයා නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා තිබෙන බවයි පැවසෙන්නේ.

එම එන්තරවාසිය නිකුත් කර දෙසැම්බර් මස 24 වැනි දින සිට දින 14ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුව හොත්, අධිකරණය ඉදිරියේ නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බවත් අවධාරණය කර ඇතැයි වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...

ගල්කිස්සේ වෙඩි තැබීමක්;අයෙක් මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර...

POPULAR ARTICLES

නේපාල දේශසීමාව ආසන්නයේ භූමිකම්පාවක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි...

උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවිම විමර්ශනයට

තාවකාලිකව අත්හිටවූ උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වූ බව පැවසෙන විෂයන්වලට අදාළ වාර පරීක්ෂණ දින 10ක් ඇතුළත පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන...

පුංචි ඡන්දෙ නාමයෝජනා ගැන ආ ගැසට්ටුව

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා...