26 C
Colombo
Tuesday, March 18, 2025

ඇමරිකාව යේමනයේ හූති සටන්කාමීන්ට එල්ල කළ ප්‍රහාරවලින් 53ක් මරුට

- Advertisement -

ඇමරිකාව, යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්  මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව හූති සටන්කාමීන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අදාළ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මිය ගිය පිරිස අතරට ළමුන් පස් දෙනෙකුද අයත් බවයි.

රතු මුහුදේදී අමෙරිකානු සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් තීරණාත්මක මෙන්ම ප්‍රබල ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ඇමරිකාව ඊයේ නිවේදනය කළා.

මෙම ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් හූති නායක අබ්දුල් මලික් අල්-හූති පවසා ඇත්තේ, ඇමරිකාව යේමනයට එල්ල කරන ප්‍රහාර නවත්වන තුරු  හූති සටන්කාමීන් රතු මුහුදේ ඇමරිකානු නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම නොනවත්වන බවයි.

මේ අතර, හූති සටන්කාමීන් නෞකාවලට ප්‍රහාර එල්ල  කීරීම නවතන තෙක් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කරගමින් දිගින් දිගටම ප්‍රහාර දියත් කරන බව එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...