28 C
Colombo
Sunday, October 6, 2024

මෙරට සිරගතව සිටි පාකිස්තානු සිරකරුවන් 56 ක් යළි මව්රටට

- Advertisement -

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් අද (6) පාකිස්තානයට ගුවන් මගින් පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පවසනවා.

පාකිස්තානු ජාතික පිරිමි රැඳවියන් 51ක් සහ කාන්තා රැඳවියන් 5ක් එම රැඳවියන් 56 ට ඇතුළත්.

මෙලෙස පිටත් කර හැරි රැඳවියන්ගේ සිර දඬුවම සිය මව් රටේ බන්ධනාගාර තුළදී ක්‍රියාත්මක වන බව දිසානායක මහතා පැවසුවා

මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් මාරුකළ පළමු අවස්ථාව මෙය බවද ඒ මහතා සඳහන් කරනවා.

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමේ 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ එම සිරකරුවන් 56 පාකිස්තානය වෙත යොමු කළ බවත් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි පාකිස්තානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64 ක් භාරයේ අදාළ රඳවියන් පිටත් කර හැරි බවත් දිසානායක මහතා සඳහන් කළා.

අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා පාකිස්තාන තානාපති කාර්යාලයේ මැදිහත්ව මෙම සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි...

සරුංගල් යවන්නේ බලාගෙනයි

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ...

බිත්තර කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්

පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....