27.3 C
Colombo
Thursday, March 27, 2025

ශ්‍රීපාද වන්දනාවට පැමිණි 592 ක් අත්අඩංගුවට

- Advertisement -

2024-2025 ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භකර මාස තුනක් තුළ හැටන් මාර්ගය ඔස්සේ හෙරොයින්, අසිස්, අයිස්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි 592ක් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය සමත්ව තිබෙනවා.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා එම චූදිතයන්ගෙන් රු.60,29,324 ක (හැටලක්ෂ විසි නවදහස් තුන්සිය විසිහතරක) මුදලක් දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා හැටන්, බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නොර්ටන්බ්‍රිජ්, නල්ලතන්නිය, පොල්පිටිය, වටවල සහ ගිනිගත්හේන යන පොලිස් ස්ථානවල පොලිස් නිළධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සිදුකල මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චූදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අවුරුදු 20-45ත් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වන තෙක්ම මෙවැනි වැටලීම අඛණ්ඩව සිදු කරන බවත් පොලිස් අධිකාරිවරයා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන...

දරුවන් ගැන අවධානෙන් ඉන්න;දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළා. වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ...

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා. ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී. ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව...

POPULAR ARTICLES