29 C
Colombo
Friday, January 10, 2025

අතුරුගිරිය වෙඩි තැබීමට ටැටූ ශොප් හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට

- Advertisement -

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිදු වීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිස අතර අදාළ ටැටූ ශොප් හිමිකරුද වන බව පොලිසිය සඳහන් කරනවා.

 අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ ඊයේ (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරනවා.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකුද තුවාල ලැබුවා.


RECENT ARTICLES - SINHALA

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා...

නීතිඥ සංගමයෙන් අනුරට ලියුමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක්...

POPULAR ARTICLES

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමෙරිකාවේ ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙබරවාරි 10 සිට 12 දක්වා කාලය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා...