29 C
Colombo
Wednesday, January 8, 2025

6000 දීමනාව තවත් පිරිසකට

- Advertisement -

සිසුන් 300ට අඩු සියලුම පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සිසුන්ට පාසල් උපකරණ ලබාගැනීම සඳහා වන රුපියල් 6,000සක දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් සඳහා ද එම දීමනාව ලබාදීමට තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) සඳහන් කළා.

අදාළ දීමනාව වවුචර් පතක් ලෙස ලබාදීමට නියමිතයි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි සමස්ත පාසල් 10,096ක් අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000/- ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව හිමිවනවා.

RECENT ARTICLES - SINHALA

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් ගැන තීරණයක්

2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා....

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ අදහස්...

බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා අතර අද (08) පැවැති සාකච්ඡාව...

POPULAR ARTICLES

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින් ගැන තීරණයක්

2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණයන්හි ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා....

ලොස් ඇන්ජලීස් හි හදිසි තත්ත්වයක්

බටහිර අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආසන්නයෙන් පැතිර යන ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයකින්...

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ අදහස්...