30 C
Colombo
Saturday, September 28, 2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 62ක වන්දි ගෙවා අවසන්

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසනවා.

මේ වන විට ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) දිනයේදී කරුණු දක්වමින් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතා අධිකරණයට පැවසුවේ දැනට වන්දි මුදල් හිමිවූ වින්දිතයින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස්කර ගත හැකි බවයි.

මේ අතර වින්දිතයින් දැමූ වන්දි නඩු 300ක් පමණ මීගමුව සහ කොළඹ දිසා අධිකරණවල විභාග වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. විවිධ...

පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරකට ලක්වෙයි

මහනුවර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී ඊයේ (27) සවස 03.50ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව...

දේශපාලකයින් පාසල්වලට ගෙනත් කරන සංදර්ශන අඩු කරන්න – හරිනි

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු ...

POPULAR ARTICLES

හොරු අල්ලන්න ආපු විජිත (Photo)

0
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන්...

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,...