ගෙවුණු මාස අටක කාලය තුළ, විදුලිබිල ගෙවා ගත නොහැකි වූ ලක්ෂ හතකගේ පමණ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
මේ වසර සදහා මේ දක්වා තෙවතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළා.
අගෝස්තු මාසයේ පමණක් විදුලිය විසන්ධිකිරීම් එක් ලක්ෂ විසි දහසක් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.
සෑම මසකදීම විදුලිය විසන්ධි කිරීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබීම මෙහි විශේෂත්වය වනවා.
මෙම වසරේ මාර්තු මාසයේ විදුලිය විසන්ධි කිරීම් පනස් අට දහසක් වාර්තා වී තිබෙනවා.
මැයි මාසයේ විදුලිය විසන්ධි කිරීම් හැත්තෑ හතර දහසක් වාර්තා වී ඇති අතර, ජූනි මාසයේ දී එය අනූ දහසකට ආසන්න වී තිබෙන බවයි සඳහන් වන්නේ.
ජූලි මාසයේ එක්ලක්ෂ දහ අට දහස දක්වා විදුලිය විසන්ධි කිරීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, අගෝස්තුවේ එය එක් ලක්ෂ විසිදහසද ඉක්මවා ගොස් තිබෙනවා.