28.2 C
Colombo
Wednesday, April 9, 2025

රියඅනතුරු වලින් දවසකට පුද්ගල මරණ 7ක්

- Advertisement -

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වූ මාස 3 තුළ පමණක් මාරක රිය අනතුරු 565ක් සිදුව ඇති බවත්, ඉන් පුද්ගලයින් 592ක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ රථ වාහන අනතුරු අවම කරගැනීම සඳහා කොළඹදී ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව පැවසුවා.

විවිධ අවශ්‍යතා සඳහා නිවසින් පිටව යන පුද්ගලයන්ගෙන් 7ත් 8ත් අතර දිනකට රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවද ඔහු පෙන්වා දුන්නා.

2024 දෙසැම්බර් මාසය වනවිට මෝටර් රථ කොමසාරිස් කාර්යාලය තුළ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 84 ලක්ෂ 54,513ක්.

ඉන් වැඩිම ප්‍රමාණයකින් ලියාපදිංචි වී ඇත්තේ යතුරුපැදි වන අතර, එය 49 ලක්ෂ 22,000ක් පමණ වනවා.

එමෙන්ම දෙවනියට වැඩිම ලියාපදිංචි වී ඇති වාහනය ත්‍රීරෝද රථ වන අතර, එය 11 ලක්ෂ 85,000ක්.

සමස්ථයක් ලෙස මෙරට ලියාපදිංචි වාහනවලින් 72%ක් යතුරුපැදි හා ත්‍රිරෝද රථ වන අතර, ඒ හේතුවෙන් වැඩිම අනතුරුවලට මුහුණ පා ඇත්තේද එම වාහන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සමස්තයක් ලෙස 2023 වසරේ මාරක රිය අනතුරු 2,231ක් සිදුව ඇති අතර, ඉන් 2341ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම 2024 වසරේ දී සිදු වූ මාරක රිය අනතුරු 2403ක් අතරින් 2,521ක් මියගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09...

POPULAR ARTICLES

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න රනිල් අපිට සල්ලි දුන්නා – ජගත් විතාන

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කළ යුතුය යන කොන්දේසිය මත එවකට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා මැතිවරණයට  සිරිකොතින් මුදල් ලබා දුන්...

කෙහෙළිය CID යට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම...