31 C
Colombo
Saturday, October 5, 2024

යෙහෙළියක් ගෙනා අත්තන ඇට කෑමට ගත් සිසුන් 7ක් රෝහලේ

- Advertisement -

වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතු ළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අත්තන ඇට කෑමෙන් පසු ශරීරයට විෂ වූ පිරිමි ළමයින් සිව් දෙනෙකු සහ ගැහැනු ළමයින් තිදෙනෙකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ  9 ශ්‍රේණියේ සිසුවියක් ඊයේ (05) උදෑසන අත්තන ඇට පාසලට ගෙනවිත් යහළුවන්ට කෑම සඳහා එම ඇට දී ඇති අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අසේලපුර මහා විද්‍යාලයේ 9, 10, 11 හා 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් හත්දෙනක් බව සඳහන්.

කෙසේවෙතත් මෙමෙ සිසුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු...

ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් වාර්තා ගැන අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු...

නිල ණය හිමි කමිටුව සහ IMF අතර සාකච්ඡා සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා සාර්ථකව නිම කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්, මුදල් අමාත්‍යංශය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...