25 C
Colombo
Tuesday, December 31, 2024

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන්

- Advertisement -

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙනවා.

ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වනවා.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගියදා පියවර ගත්තා.

ඒ අනුව, සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු රේගුව විසින් පසුගිය 26 දා සිට නැවත ආරම්භ කරනු ලැබුවා.

එහිදී පසුගිය 27 වනදා උදෑසන වන විට සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබුණා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES