මස්කෙළිය ගවරවිල සමනල ස්වභාව රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් තාවකාලික කුඩාරම් ගැසූ පිරිසක් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයින් 8 දෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 25-30 වයස්වල පසුවන තරුණයින් පිරිසක්.
සැකකරුවන් දිවයිනේ විවිධ ප්රදේශවල පැමිණි අය බවත්, ඔවුන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.