ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පසුගිය 15 වැනිදා තියුණු ආයුධ වලින් පහරදි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම සැකාරුවන් ඊයේ (16) දින පස්වරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 ත් 44 ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මොවුන් සන්තකයේ තිබී අපරාධයට යොදා ගත් බවට සැක කරන මන්නා පිහි 02 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.