24.9 C
Colombo
Thursday, November 28, 2024

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

- Advertisement -

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා.

මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා අයදුම් කළ පිරිස අතරින් 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව සඳහන්.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීම එළඹෙන දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුර බැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

මන්ත්‍රීවරුන් 110 කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

දීඝදන්තු 1 හස්තියා මරුට

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබෙනවා. ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා...

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී...

POPULAR ARTICLES