27.2 C
Colombo
Saturday, December 14, 2024

මානව හිමිකම් පැමිණිලි 8,000ක් ගොඩගැහිලා

- Advertisement -

කොවිඩ් සමයේ සිට ගොඩගැහුණු පැමිණිලි අටදහසක් තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඔහු මෙම අදහස් පල කළේ, මානව හිමිකම් දිනය සමරමින් මාතලේ දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ වීර මොනරවිල කැප්පෙටිපොළ ශාලාවේ දී පැවැත්වූ සැමරුම් උත්සවයක් අතරතුරයි.

මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි හැටකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී.පුංචිහේවා පැවසුවා.

ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබෙනවා.

පැමිණිලි 600ක් පමණ 2024 වසරේ මේ දක්වා ලැබී තිබෙන බවත්, පැමිණිලි විභාග කර අවසන් කර තීන්දු ලබාදීම කඩිනමින් සිදුවන බවත් කොමසාරිස්වරයා පැවසුවා.

විභාග කිරීම ප්‍රමාද වූ පැමිණිලි පිළිබඳ විමර්ශන කඩිනම් කර තිබෙන බව ද ඔහු සදහන් කළා.

මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳව ලැබෙන පැමිණිලි සිය කොමිසම විසින් විභාගයට ගන්නා බවත්, අපරාධ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ රාත්‍රියේදී රාත්‍රී ඇඳුමින් සිටින කාන්තාවන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීම නීතිවිරෝධී බවත් කොමසාරිස්වරයා පැවසුවා.

ස්පා වලට කඩා වැදී කාන්තාවන් පොලිසියට රැගෙන යාමට නීතියෙන් අවසර නැති බව සඳහන් කළ කොමසාරිස්වරයා, ආයුර්වේද දෙපාර්තමේන්තුවට ස්පා වැටලීමේ අවසර සහ නීතිය හමුවට අදාළ පාර්ශ්වයන් කැඳවීමේ අවසර ඇති බවද සඳහන් කළේය.

පොලිසිය සන්නද්ධ කල්ලියක් නොවන බව සිහි තබාගත යුතු බවත්, වෘත්තියක් වශයෙන් ජනතාවට සේවා සපයන ආයතනයක් බව නිරන්තරයෙන්ම සිහියේ තබා ගත යුතු බවත් ඔහු සදහන් කළා.

කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ, ගණිකා වෘත්තිය අපරාධයක් නොවන අතර, එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත්, ගණිකා නිවාස පවත්වාගෙන යන කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

මියගිය අයෙකුගේ සිරුර සැඟවූ දෙදෙනෙකු අත්අඩංගුවට

මෘත ශරීරයක් සැඟවීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ඌරගස්මංහන්දිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරය සැඟවීම...

ඉදිරි පැය 36යේ කාලගුණය ගැන නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ සහ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...

ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ මෝටර් රථ 6,000ක්

රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කර ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා පවතින බවට අල්ලස්...

POPULAR ARTICLES