බගවන්තලාව, මා එළිය රක්ෂිත ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටළිමකදී බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (22) දින උදෑසන කාලයේදී මෙම වැටළීම සිදු කළ අතර එහිදී මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 60ත් අතර වයස්වල පසුවන බගවන්තලාව හා බෙලිහුල්ඔය ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනු ලබනවා.