29 C
Colombo
Friday, December 27, 2024

බස් වංචාවට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම්

- Advertisement -

ධාවනයෙන් ඉවත්කළ ලංගම බස් රථ නැවත අලුත්වැඩිය කර ධාවනයට එක් කිරීමේදී අම්පාර ඩිපෝව සිදුකළ වංචාවට සම්බන්ධ සියලුදෙනාගේ වැඩ තහනම් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අලුත්වැඩියාව සඳහා අවශ්‍ය මුදල් ගෙන ධාවනය කරමින් තිබූ බස් රථයක අංක තහඩු වෙනස්කර අලුත්වැඩියා කළ බවට ඉදිරිපත් කරමින් සිදුකර තිබූ වංචාවක් සම්බන්ධයෙන්.

ධාවනයෙන් ඉවත්කළ බස් රථ 200ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර පසුගිය 9 වනදා පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 270ක්.

ඒ යටතේ අම්පාර ඩිපෝවට ද ධාවනයෙන් ඉවත්කර තිබූ NB -5430 දරන බස් රථ අලුත්වැඩියා කිරීම සඳහා ලක්ෂ 20ක මුදලක් හිමිවී තිබුණි. 

නමුත්, බස් රථය අලුත්වැඩියා කරන මුවාවෙන් අම්පාර ඩිපෝ බලධාරීන් සිදුකර ඇත්තේ, ධාවනය වෙමින් තිබූ බස් රථයකට NB -5430 අංක තහඩුව සවිකර උත්සව අවස්ථාවට එක්කිරීමයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය පරීක්ෂණයක් සිදුකරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES