27 C
Colombo
Friday, December 27, 2024

මම පෙනී ඉන්නේ රටේ අනාගතය ජයගන්න පුලුවන් නායකයා වෙනුවෙන් – මනුෂ

- Advertisement -

ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඉන්දියාවේ සංචාරය නොකළා නම් UPI ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම ප්‍රතිපත්ති ස්ථිර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද (17) සහ හෙට දෙදින පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, ජාතික ජන බලවේගයේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස් වීම සාධනීය කාරණයක් වුවත්, එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බව එහිදී ඔහු සඳහන් කර සිටියා.

ඉදිරියේදී ඉන්දියාවට මෙරට තුල ව්‍යාපෘති කිරීමට බාධාවක් නොවනු ඇති බවට අපේක්ෂා කරන බවත්, එමඟින් ඉන්දියාව මෙරටට ලබාදෙන සහය ඉහළයාමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

” ප්‍රතිපත්ති වලට ඡන්දේ දීලා තමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි, රටට ජයග්‍රහණය ගෙන එන අවස්ථා නියෝජනය කිරීම. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවක් වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුලවන් නායකත්වය වෙනුවෙන්.
ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් තමයි මේ දවස් වල රටේම ඉන්න සෙනග බස්වලින් ඇද ඇද රැල්ලක් හදන්න යන රතු සහෝදරවරු. ඒ අයගේ ඉන්දියාව සම්බන්ධව තිබුණු ප්‍රතිපත්තියට වුනේ මොකක්ද කියලා තමුන්නාන්සෙලා දැක්කනේ. ඒ සහෝදරවරුන්ගේ පංති පහේ එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. ඉන්දියානු ව්‍යාප්ත වාදය කියලා පංතියක් හදලා අන්ධ කරලා රටේ රන් සමනල්ලු දස දහස් ගණනක් වලාකුලු වලට නග්ගපු අමුවෙන් කිව්වොත් මරලා දාන්න කටයුතු කරපු ප්‍රතිපත්තිය ඒ අය වෙනස් කරගත්තා. ඒක හොදයි. හැබැයි අර අන්ධ කරලා නැති කරපු ජිවිත වලට ආයේ පණ දෙන්න බැහැ”

” ඒත් අද ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. ඒත් නැති වුන ජීවිත යලිත් ගන්න අපිට අවස්ථාවක් නැහැ. දැන් ඒ සහෝදරයා වැරදිලා හරි ඉන්දියාවේ නොගියනං අර ඉන්දියන් යූ පී අයි මුදල් ගණුදෙනු සිස්ටම් එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඇති කරද්දී රනිල් ඉන්දියාවට රට විකුණන්න යනවා කියලා තමයි කියන්නේ. ඉන්දියාවේ ගියපු නිසා මීක් නෑ. මතක ඇතිනේ කලිං වතාවල් වල කියපු කතා. ගිලන් රථ සේවය ගෙන කොට කියපු කතා, අමුල් එකට කියපු අමූලික කතා. ලස්සනම දැන් ඒවට උත්තර දෙන්න කියන අමූලික කතා. දැන් ටෙන්ඩර් දාලා දෙනවා නම් කමක් නෑ කියලා කියනවා. අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දියාවට ගිහින් හරි ප්‍රතිපත්ති වෙනස් කරගත්ත එකට ” යනුවෙනි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට...

කෝටි 160ක් වංචා කළ අඹුසැමියන් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සිදුකර රටින් පළාගොස් සිට ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට ඇතුළු වීමේ දී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ජනවාරි මස 6 වනදා දක්වා රක්ෂිත...

POPULAR ARTICLES

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...

NASA යානයක් සූර්යයා ළඟටම ගිහින්

නාසා ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ආසන්නයට ළඟා වී තිබෙනවා. සූර්යයා ආසන්නයට ම ගොස් නිරුපද්‍රිතව සිටීමට සමත් වූ යානාව ලෙසට එම යානාව ඉතිහාස...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...