31 C
Colombo
Saturday, October 5, 2024

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන පරීක්ෂණයක්

- Advertisement -

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

සෞඛ්‍ය සුළු සේවකයින් සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, අදාළ පරීක්ෂණය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවය සඳහා සෑම අංශයක්ම අවශ්‍ය බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අද (19) උදෑසන ද සෞඛ්‍ය සේවා සුළු සේවකයින් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

පසුගියදා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවා ගැනීමට කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන්, කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක්ද ඇති වූ අතර එම අවස්ථාවේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා.


RECENT ARTICLES - SINHALA

පිටකොටුව මිහිඳු මාවතේ ගින්නක්

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. අසල පිහිටි ගෙවල් දෙකකට ද ගින්න පැතිර ගොස් තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා. ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිලන්...

ජොනියා ගාව තුවක්කු 8 ක් තිබිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සතුව AF 408 - 9mm cz...

මෙරට පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...