29 C
Colombo
Friday, March 14, 2025

හැමෝම එකතු වෙලා සජබෙට සහය දෙමු – ඩිලාන්

- Advertisement -

මේ වනවිට වික්ෂයේ සිටින පිරිස් විවිධ පක්ෂ වලට බෙදී ඇති බවත්, විසිරී ඇති සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ, එනිසා සමගි ජනබලවේගයට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු දැනට සහාය ලබා දීමට තීරණය කර තිබෙන අතර, තවත් කිහිප දෙනෙකු එම තීරණයට පැමිණීම සඳහා කාලය ඉල්ලා තිබෙන බවත්, මේ අනුව ඉතිරි පිරිස්ද ඉදිරියෙහිදී සමගි ජනබලවේගයට සහය දක්වනු ඇතැයි සිතන බවයි.

නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත් වූයේ නම් අගමැතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සඳහන් කළා.

ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් වූවා නම් සජිත් ප්‍රේමදාස මහතා පුමුඛ කණ්ඩායම් සමග ආණ්ඩු කිරීමට තීරණය කර තිබූ බවයි ඔහු පැවසුවේ.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, වර්තමානය වන විට ආණ්ඩුවට පක්ෂපාතීව තිබෙන්නේ 20% ක ඡන්ද ප්‍රතිශතයක් බවත්, විපක්ෂයේ කණ්ඩායම්වලට 80% ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

UPDATE 8.20 P.M වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති තිබෙනවා. ................................................................................. අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා....

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

UPDATE 8.20 P.M වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති තිබෙනවා. ................................................................................. අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා....

පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක්

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට ආරක්ෂ අංශ පවසා ඇත්තේ තුවාලකරුවන්...

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...