ඇෆ්ගනිස්තානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමි ප්‍රදේශ සැලසුම් සහගතව විශාල යන්ත්‍ර භාවිත කර විනාශ කර ඇති බව පර්යේෂකයින් කණ්ඩායමක් පවසනවා.
එසේ විනාශ කර ඇති ස්ථානවල ඇතැයි අනුමාන කෙරෙන පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ සොයා සමහර පිරිස් කැණීම් සිදුකරන බව ද වාර්තා වනවා.
චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් සිදුකර ඇති එම පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ 2021 වසරේ ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තලිබාන්වරුන් සහ ඊට පෙර පැවති රජයේ පූර්ණ සහාය ඇතිව එම විනාශය සිදුකරන බවයි.
චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පවසන්නේ, ක්‍රිස්තු පූර්ව 1,000ට පෙර ජනපද පැවති බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන මේ වනවිට ඒ ආකාරයෙන් විනාශ කර ඇති බවයි.
උතුරු ඇෆ්ගනිස්තානයේ බල්ඛ් ප්‍රදේශය දැඩි ලෙස විනාශ කර ඇති බව සඳහන්.
මීට වසර 2,000කට පමණ පෙර බැක්ට්‍රියා හි ඉතා සශ්‍රික ව පැවති ප්‍රදේශයක් ලෙස එය සැලකෙනවා.
පුරාණ ඇෆ්ගනිස්තානයේ Achaemenid රාජධානිය තුළ පිහිටි ජනගහනය වැඩිම මෙන්ම ධනවත්ම ප්‍රදේශය වශයෙන් එම කලාපය හඳුනාගෙන තිබෙනවා.
එබැවින් එහි බොහෝ වටිනා දේ භූගතව ඇතැයි සැලකෙනවා.