26.5 C
Colombo
Wednesday, January 1, 2025

වසර 22කට පසු ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් 2002 වසරේදී ඝාතනය කර තිබූ අතර ඊට සැකකෙරුණේ ඔහුගේ බිරිඳගේ සහෝදරයායි.

එවක 22 හැවිරිදි වියේ පසුවූ සැකකරු ඝාතන සිද්ධියෙන් මාස 3කට පසු පොලිස් අත්අඩංගුවට පත්වී පසුව ඇප මත මුදා හැර තිබුණා.

ඒ අතරවාරයේ ඔහු රටින් පළාගොස් විදේශගතවී තිබු අතර, සැකකරු දිගින් දිගටම නඩුවට ඉදිරිපත් නොවීම නිසා සැකකරු නොමැතිව පැමිණිල්ලේ සාක්ෂි මත පමණක් පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නීති කෘත්‍යයේදී රත්නපුර මහාධිකරණය 2019දී  තීන්දු කළේ, සැකකරුට මරණ දඬුවම නියම කිරීමටයි.

කෙසේවෙතත්, විදේශ රටවල සංචාරය කළ සැකකරු මේ වසරේ ජනවාරි මස යළි දිවයිනට පැමිණ බෝපත් ඇල්ල – අගලවත්ත ප්‍රදේශයේ අත්හැර දැමූ නිවසක රහසිගතව ජීවත්වී ඇති බවයි වාර්තා වන්නේ. 

සැඟව සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් කුරුවිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. උදයශාන්ත මහතාට තොරතුරක් ලැබී ඇත්තේ ඒ අතරවාරයේදීයි.

වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඊයේ (23) රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව, තම අක්කාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, වසර 22කට පසුවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි.

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් මාට්ටු

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

POPULAR ARTICLES

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි.

ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් ගත් දත්ත ගැන අනාවරණයක්

මගීන් 179කට ඉකුත් දා දිවි අහිමි කරමින් කඩා වැටුණු ජෙජු එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන්යානයේ කළු පෙට්ටියක දත්ත ලබා ගැනීම...

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...