24 C
Colombo
Wednesday, January 8, 2025

මැලේසියාවට පැන්න ලාංකිකයින් දෙදෙනෙක් චීනයෙන් පිටුවහල් කරලා

- Advertisement -

බහාලුම් පෙට්ටියක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට තැත් කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වසරකට පසුව එරටින් පිටුවහල් කර තිබෙනවා.

ඔවුන් අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බවයි වාර්තා වෙන්නේ.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක සැඟවී මෙසේ මැලේසියාවට පළා යාමට තැත් කර තිබුණා.

ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 වනදා අදාළ පුද්ගලයන් දෙදෙනා මැලේසියාව බලා පිටත්ව යාමට කොළඹ වරායේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී තිබෙනවා.

එහෙත් අදාළ නැව මැලේසියාවට පැමිණි විට, එම බහාලුම තුළ සැඟවී සිටි සැකකරුවන් දෙදෙනා භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, එම නැවේ නාවුක බලධාරීන් සැකකරුවන් රැගෙන තවත් රටවල් ගණනාවකට යෑමෙන් පසු අවසාන වශයෙන් චීනය වෙත පැමිණ තිබුණා.

එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  26 හැවිරිදි මලාල් මාදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්.

අනතුරුව, සැකකරුවන් දෙදෙනා චීනයෙන් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව, අද අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් ඇති බව තවදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...