26.5 C
Colombo
Wednesday, January 1, 2025

ආදායමෙන් වැඩිම මුදලක් ණය පොලී ගෙවන රට ලංකාව

- Advertisement -

රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ශ්‍රී ලංකාව 2000 වර්ෂයේදී  රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් 33%ක මුදලක් ගෙවා තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්වූ අතර,2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත් වුණා.

ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් 42%ක්.

ඊට පසු ශ්‍රී ලංකාව 2020 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ වැඩිම පොලී ගෙවන රට බවට පත් වී තිබූ අතර, රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල 71%ක්.

පසුගිය 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා 77%ක් ගෙවූ බව මහ බැංකු වාර්තා හෙළිකර තිබෙනවා.

ඉකුත් 2000 වර්ෂයේ සිට මේ දක්වාම ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව මේ අනුව පෙනී යන බව ඔහු කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ...

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් මාට්ටු

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

POPULAR ARTICLES

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ...

ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් ගත් දත්ත ගැන අනාවරණයක්

මගීන් 179කට ඉකුත් දා දිවි අහිමි කරමින් කඩා වැටුණු ජෙජු එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන්යානයේ කළු පෙට්ටියක දත්ත ලබා ගැනීම...

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...