කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (25) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලවකැලේ නගරයේ පදිංචිව සිටි කේ.ජී. දිනුප කේනුල ගමගේ නැමැති 16 හැවිරිදි තලවකැලේ සුමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු බවයි පොලිසිය පවසන්නේ.
තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, ළමුන් පිරිසක් නාගසේන ප්‍රදේශයෙන් ගලා බසිනා කොත්මලා ඔයේ දිය නෑමට ගොස් ඇති බවත්, එසේ දිය නාමින් සිටියදී එකවරම මෙම සිසුවා දියේ ගිලී අතුරුදහන්ව ඇති බවයි.