26 C
Colombo
Friday, October 18, 2024

දේශබන්දුගේ පත්වීම නීති විරෝධීයි-සජිත්

- Advertisement -

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිවු බවයි.

එහිදී සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටිය බවත් එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බව පවසන ප්‍රේමදාස මහතා ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව සිය X පණිවුඩය මඟින් පෙන්වාදෙනවා.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇති බවයි.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වා තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...