ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්රින් හෝස්ට් මහත්මිය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය මෙම පත්වීම සඳහා සිය එකඟතාව ලබා දී ඇති බව වාර්තා වෙනවා.
එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන හෝස්ට් මහත්මිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කරනවා.
ඇය යුරෝපා රටවල මෙන්ම ආසියානු රටවලද තානාපති නිලධාරිනියක ලෙසද සේවය කර තිබෙනවා.
වර්තමාන ඇමෙරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය 2022 පෙබරවාරි මාසයේදී මෙරට තානාපතිනිය ලෙස වැඩ භාර ගනු ලැබූ අතර ඇයගේ මෙරට සේවා කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිතයි.